අනාගත නිර්වචනය සඳහා ට්විටර් ප්‍රධානියා අප්‍රිකාවේ කළ සංචාරය


ට්විටර් හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි සිය අප්‍රිකානු සංචාරය ඉතා සාර්ථකව නිමාකර ඇති අතර, ඔහුගේ යළි පැමිණීම ගැන බොහෝ අප්‍රිකානුවන් කනගාටු වූ බවද කියැවෙයි.

මෙම සංචාරය අතරතුර ඔහු නයිජීරියාව, ඝානාව, ඉතියෝපියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල සංචාරය කරමින් සිය ට්විටර් ගිණුමේ විශේෂ අවස්ථා එම ජනතාව සමග බෙදා හදාගෙන තිබේ.

ඩෝර්සි ලබන වසරේ මාස තුනක සිට මාස හයක් දක්වා මෙවැනිම සංචාරයක් සඳහා යන බව සඳහන් කර තිබුණද, එහිදී ඔහු යන්නේ කවර ස්ථානයකටද යන්න හරිහැටි සඳහන් කර නැත.

විශේෂයෙන්ම ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් අප්‍රිකාව අනාගතය අර්ථ ගන්වනු ඇති බව මෙහිදී ඩොර්සි කියා සිටියත්, කවර පදනමක් යටතේ එම ප්‍රකාශය කළේද යන්න ඔහු පැහැදිලි කර නැත.



Recommended Articles