අන්තර්ජාල ව්‍යාජ තොරතුරු වැළැක්වීමට ගූගල් ක්‍රියාකරයි


අන්තර්ජාල ව්‍යාජ තොරතුරු වැළැක්වීම සඳහා වූ ගූගල් සමාගමේ යූරෝපා ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කර තිබේ.

ඒ අනුව, එහි මූලික පරීක්ෂණයන් පෝලන්තයේ සිදුකර ඇති අතර, මේ වෙනුවෙන් “විවෘත සමාජයට හානිදායක” දැන්වීම් ස්වරූපයේ තොරතුරු සමග සටන් කරන ගූගල් පර්යේෂණ කණ්ඩායමක් දියත් කර ඇත.

විශේෂයෙන්ම ෆේස්බුක්, යූටියුබ් සහ ටික්ටෝක් යන සමාජ ජාල ආශ්‍රිත මෙවැනි ව්‍යාජ තොරතුරු හුවමාරු වීම දැක්වෙන වීඩියෝ කිහිපයක්ද ගූගල් විසින් මුදාහැර තිබේ.

මෙම දැන්වීම්වලදී ව්‍යෘජ තොරතුරු ප්‍රචාරය කරන වීඩියෝ ස්වරූපයේ දැන්වීම් මෙන්ම, ඡායාරූප ස්වරූපයේ දැන්වීම්ද හඳුනාගෙන ඊට එරෙහිව ක්‍රියාකාරීම ගූගල් වෑයම වී තිබේ.



Recommended Articles