අනතුර ගැන පුළුල් පරීක්ෂණ කරන බව ජනපති සූ පවසයි


සති අන්තයේදී දකුණු කොරියාවේ සෝල් හි ඉටේවොන් දිස්ත්‍රික්කයේ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 154දෙනෙකුට මරු කැඳවූ අනතුර සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව දකුණු කොරියානු අගමැති හැන් ඩක්-සූ පොරොන්දු වෙයි.

හැලොවින් උත්සවයක් අතරතුර සිදුවූ මෙම තෙරපීමෙන් තවත් පුද්ගලයන් 133දෙනෙකුට තුවාල වී ඇති බව වාර්තා වෙයි.

එවැනි සිදුවීමක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමට රජය උපරිමයෙන් කටයුතු කරන බවද සජීවී විකාශනයකදී ජනපති සූ පැවසීය.

මේ අතර රට තුළ ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට කරමින්, ඉටේවොන් ආපදා කලාපයක් ලෙස නම් කර ඇති දකුණු කොරියානු ජනාධිපතිවරයා, සෝල් නගර ශාලාව අසල අනුස්මරණ ස්ථානයකදී සිය ආර්යාව සමග වින්දිතයින්ට ගෞරව දැක්වීමටද කටයුතු කළේය.



Recommended Articles