ටෙස්ලා සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක එලොන් මස්ක් සිය ව්‍යාපාර ප්‍රවර්ධනය වෙනුවෙන් අධෝවාත පිටකරන කඟවේනාගේ ඡායාරූපය අවසරයකින් හෝ මුදල් ගෙවීමකින් තොරව ලබාගෙන ඇති බවට චෝදනා නැඟෙයි.
කොලරාඩෝ මැටි බඳුන් නිර්මාණය කරන්නෙකු වූ ටොම් එඩ්වඩ්ස් මෙම කඟවේනා රුවෙහි සැබෑ හිමිකරු වන අතර, ඔහු සිය මැටි බඳුන් වෙනුවෙන් එය යොදා ගනියි.
ඒ අනුව, පසුගිය වසරේදී මෙම කඟවේනා රුව සහිත එඩ්වඩ්ස් විසින් නිර්මාණය කළ ජෝග්ගුවක් මස්ක් විසින් සිය ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත්කර තිබුණි.
එහිදී, කඟවේනා රුව සහිත තම ජෝග්ගු ලෝලීන් අතර ටෙස්ලා නිර්මාතෘ මස්ක් සිටින බව දැකීමෙන් එඩ්වඩ්ස් සතුටට පත්ව ඇති බවද සඳහන් විණි.
නමුත්, එඩ්වඩ්ස්ගේ මිතුරෙකු ටෙස්ලා මෝටර් රථයක් මිලදී ගැනීමත් සමග මේ මිත්‍රත්වය, එදිරිවාදීකමක් බවට පෙරළී ඇත්තේ ටෙස්ලා ප්‍රචාරණ කටයුතු සඳහා සිය කඟවේනා රුව මස්ක් යොදාගෙන ඇති බව එඩ්වඩ්ස් අවබෝධ කරගැනීමත් සමගිනි.
ඒ අනුව, එඩ්වර්ඩ්ස්ගේ දියණිය මස්ක් වෙත චෝදනා කරන්නේ ඔහු තම පියාගේ නිර්මාණයක් වන කඟවේනා රුව සොරාගෙන ඒ තුළින් මුදල් උපයා ඇති බවටයි.
නමුත්, මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන මස්ක්, අදාළ රුවට අදාළව මුදල් ගෙවීමට තමන් කිහිප අවස්ථාවකදීම උත්සාහ කළත් ඔවුන් ඊට කන් නොදුන් බව අවධාරණය කරයි.
කෙසේ වෙතත්, මේ වනවිට අධෝවාතය පිට කරන කඟවේනා රුව නිසා ටෙස්ලා නිර්මාතෘ මස්ක් හත්පොළේ ගාගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.