අධික හිමපතනය හේතුවෙන් එක්සත් ජනපදයට බලපෑම්


එක්සත් ජනපදය වෙත බලපා ඇති දරුණු ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් එරට ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

විශේෂයෙන්ම, ආර්ක්ටික් කලාපය හරහා හමාඑන ශීත සුළි කුණාටු මෙම තත්ත්වය ඇතිකර තිබේ.

මේ හේතුවෙන් එරට ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40කටත් වඩා අඩු අගයක් ගෙන ඇති අතර, ප්‍රදේශ රැසක ජලය මිදීමට ලක්ව ඇතැයිද පැවසේ.

අධික හිමපතනය සමග සිදුවූ මෝටර් රථ අනතුරු හේතුවෙන් අද දිනය වනවිට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 23කි.



Recommended Articles