ඉන්දියාවේ ඊසානදිග කලාපය වන ඇසෑම් ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 11දෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ගංවතුර හේතුවෙන් දුම්රිය ස්ථාන කිහිපයක් වසා දමා ඇති බව ඇසෑම් ප්‍රාන්තයේ ඩීමා හසාඕ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන නස්රීන් අහමඩ් පැවසීය.
මාර්ග සහ පාලම් නායයෑම්වලින් අවහිර වී හෝ ගසාගෙන යෑමෙන් දිස්ත්‍රික්කයේ 200,000කට ආසන්න ජනතාවක් ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශවලට ගමන්කළ නොහැකිව සිරවී සිටින බව කියයි.
විපතට පත් ප්‍රදේශයේ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.