අද යුගය යුද්ධයේ යුගයක් නොවේ - මෝදි පූටින්ට කියයි


යුක්රේනයේ ගැටුම "හැකි ඉක්මනින්" අවසන් කිරීමට රුසියාවට අවශ්‍ය නමුත් කියෙව් සාකච්ඡාව ප්‍රතික්ෂේප කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට පැවසීය.

2019 වසරෙන් පසු නායකයින් දෙපළගේ ප්‍රථම පුද්ගල හමුව සිදුවූයේ උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට සමගාමීවය.

යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් ඔහුගේ “කනස්සල්ල” ගැන තමා දන්නා බව පූටින් ඉන්දීය අගමැතිට පැවසූ අතර “මේ සියල්ල හැකි ඉක්මනින් නතර කිරීමට සෑම දෙයක්ම කරන බවට” ප්‍රතිඥා දුන්නේය.

"අවාසනාවකට, විරුද්ධ පාර්ශ්වය, යුක්රේනයේ නායකත්වය, සාකච්ඡා ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කළේ ඔවුන්ට තම අරමුණු හමුදා ක්‍රම මගින් හෝ, ඔවුන් පවසන පරිදි යුධ පිටියේ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය බවයි" පූටින් පැහැදිලි කළේය.

යුක්රේනයේ හමුදා ගැටුම සම්බන්ධයෙන් මධ්‍යස්ථභාවයේ රැඳී සිටින ඉන්දීය අගමැති, පූටින් සමග පැවති හමුවේදී සාමය සඳහා වූ ඉල්ලීම් යළිත් අවධාරණය කළේය. ආහාර සුරක්ෂිතතා ගැටළු සහ බලශක්ති අර්බුදය ඇතුළුව ලෝකය දැන් මුහුණ දෙන අභියෝග උපුටා දක්වමින් මෝදි පැවසුවේ "අද යුගය යුද්ධයේ යුගයක් නොවන" බවයි. පුටින් සමග ඔහුගේ හමුවීම "සාම මාවතේ" ප්‍රගතිය සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලෙස සලකන බව ද ඔහු පැවසීය.



Recommended Articles