ෆ්ලොරිඩාවේ පදිංචි 19 හැවිරිදි බ්ලැක් ලයිව්ස් මැටර් ක්‍රියාකාරිනියක් අතුරුදන් වී සතියකට පසු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ටොයින් සලාඕගේ මළ සිරුරු සමග 75 හැවිරිදි වික්‍ටෝරියා සිම්ස්ගේ සිරුරද සොයා ගැනුණු බව පොලීසිය පවසයි.
ඔවුන්ගේ මරණ මිනීමැරුම් ලෙස විමර්ශනය කෙරෙමින් පවතින අතර, පොලීසිය පවසන්නේ 49 හැවිරිදි ආරොන් ග්ලී නමැති සැකකරුවෙකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි.
සලාඕ අවසන් වරට දැක ඇත්තේ ජුනි 6 වනදාය. එදින තමාට ලිංගික අතවරයක් සිදුවූ බව ඇය ට්විටර් පණිවුඩයක් තබා ඇති අතර, ඇගේ මිතුරියක් එම ගිණුම ඇගේ බව තහවුරු කර තිබේ.
තමාගේ බඩු බාහිරාදිය වගයක් තැන්පත් කළ පල්ලියක් වෙත ගොස් ඒවා රැගෙන ඒමට ඉදිරිපත් වූ පුද්ගලයෙකු අතින් ඇය අතවරයට පත්වූ බව ඇය එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.