හවුසොන්ග්-12 වර්ගයේ ගොඩබිම සිට ගොඩබිම් අතරමැදි සහ දිගු දුර බැලස්ටික් මිසයිලයක ඇගයුම් අත්හදා බැලීමක් සිදුකළ බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් පවසයි.
එම වාර්තාවට අනුව, මෙම අත්හදා බැලීමේ අරමුණ වී ඇත්තේ නිපදවන සහ යොදවා ඇති මිසයිලය තෝරා බේරා තක්සේරු කිරීම සහ ආයුධ පද්ධතියේ සමස්ත නිරවද්‍යතාවය තහවුරු කිරීමයි.
එය අසල්වැසි රටවල ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, කොරියාවේ නැගෙනහිර මුහුදේ ජලය දෙසට රටේ වයඹ දිග කොටසේ සිට වූ දියත් කිරීමේ පද්ධතිය මගින් සිදු කරන ලද බවද උතුරු කොරියාව පවසයි.
තවමත් වැඩිදියුණු කරමින් පවතින හවුසොන්ග්-12 වර්ගයේ ආයුධ පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ නිරවද්‍යතාවය, ආරක්ෂාව සහ සඵලතාවය මෙම පරීක්ෂණයෙන් තහවුරු වූ බවද වාර්තාව පවසයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් පැවසුවේ මෙම නවතම මිසයිල අත්හදා බැලීම කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ අභියෝගයක් මෙන්ම, කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා වූ අභියෝගයක් බවයි.
එක්සත් ජනපදයද මෙම දියත් කිරීම හෙළා දුටු අතර, එය උතුරු කොරියාව විසින් ජනවාරි මාසයේදී සිදුකළ 7 වැනි මිසයිල අත්හදා බැලීමද විය.