අතථ්‍ය මුදල් වෙළඳාමේ අවදානම සහ සමපේක්ෂණ තවදුරටත් මැඬපැවැත්වීම සඳහා නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුව, අතථ්‍ය මුදල් සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් නීති විරෝධී බව චීන මහ බැංකුව කියයි.
ක්‍රිප්ටෝ වෙළෙඳාම, ටෝකන අලෙවි කිරීම, අතථ්‍ය මුදල් ව්‍යුත්පන්නයන් ඇතුළත් ගනුදෙනු සහ නීති විරෝධී අරමුදල් රැස් කිරීම වැනි අතථ්‍ය මුදල් සම්බන්ධ සියලුම අදාළ මූල්‍ය කටයුතු මේ සමග එරට තුළ තහනම් වෙයි.