අඩු ජල ප්‍රමාණයක් භාවිත කිරීමට අවස්ථාව සලසමින්, වැසිකිලි පොච්චියේ කිසිම ආකාරයකින් මළ රැඳීම වළකාලන දැඩි ලිස්සනසුලු ආලේපනයක් හඳුන්වාදීමට ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ආලේපනය නිසා මළ ඉවත් කිරීමට භාවිත කරන ජලය ප්‍රමාණයෙන් 90%ක් පමණ අඩුකර ගත හැකි බවය.
ඉන් නොනැවතී, මෙම ආලේපනය නිසා වැසිකිළිය හොඳින් පිරිසිදු වීමෙන් එහි බැක්ටීරියා වර්ධනය වැළකෙන අතර, දුර්ගන්ධය අවම කෙරෙන බවද ඔවුන් කියයි.
දැඩි ලිස්සනසුලු ස්වභාවයක් ගන්නා මෙම අලේපය ටෙෆ්ලෝන්වලටත් වඩා ලිස්සනසුලු බවත්, වැසිකිලි පෝච්චිය 50 වතාවක් සේදීමෙන් පසුව යළිත් මෙම අලේපය ගැල්විය යුතු බව කියයි.
කෙසේ වෙතත්, ඇමෙරිකාව තුළ වැසිකිලි සේදීම සඳහා ජලය ලීටර බිලියන 141ක් යොදාගන්නා බැවින්, මෙය සම්පූර්ණයෙන්ම ජලය ඉතිරිකරගත හැකි වන හා විශාල මුදල් ඉතිරියක්ද වන සොයාගැනීමක් බව පර්යේෂකයන් වැඩිදුරටත් පවසයි.