අඟහරු වෙත ගිය ඉන්සයිට් ප්‍රෝබ් සාර්ථකව අඟහරු මතට ගොඩබසී


ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද නවතම ඉන්සයිට් ප්‍රෝබ් රොබෝ යානය සාර්ථකම අඟහරු පෘෂ්ඨය වෙත ගොඩබස්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.

පෘථිවියට පසුව අභ්‍යවකාශයේ වූ ග්‍රහ වස්තුවක් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරු සොයාබැලීමක් සිදුකිරීමේ අරමුණින් මෙම යානය අඟහරු ග්‍රහයා වෙත යවනු ලැබිණි.

ග්‍රිනීච් වේලාවෙන් රාත්‍රී 7.53ට යානය අඟහරු පෘෂ්ඨය මතුපිටට පැමිණි බව සනාථ කෙරිණි.

ඒ අනුව, මෙම රොබෝ යන්ත්‍රයේ වූ නවීන තාක්ෂණික උපකරණ මගින් අඟහරු පිළිබඳ අලුත්ම තතු විත්ති විගස පැමිණෙන තුරු විද්‍යාඥයෝ යුහුසුළුව බලා සිටිති.

කැලිෆෝනියාවේ පිහිටි නාසා විද්‍යාගාරයක සිටි මෙම යානයේ පාලනය සිදුකරන කණ්ඩායම මෙහි සාර්ථක ගොඩබැස්වීමත් සමග අත්පොළසන් දෙමින් ප්‍රීතිඝෝෂා පැවැත්වූ බවද සඳහන් වෙයි.



Recommended Articles