අඟහරු ග්‍රහයා මත ද්‍රව ජලය තිබිලා - නවතම නාසා අනාවණයක් කියයි


අඟහරු ග්‍රහයා මත ද්‍රව ජලය තිබූ බවට සාක්ෂි හමුවූ බවට නාසා විද්‍යාඥයන් විසින් නවතම අනාවරණය සිදුකර තිබේ.

ඔවුන් විශ්වාස කරන ආකාරයට එය ජලාශයක් විය හැකි අතර, රතු ග්‍රහයාගේ දක්ෂිණ ධ්‍රැවයේ අයිස් තට්ටුවලට යටින් මෙය පවතින්නට ඇති බවත්, එය කිලෝමීටර් 20ක් දුරට විහිදුණු ජලාශයක් බවත් පෙන්වා දෙති.

මීට පෙරද විද්‍යාඥයන් විසින් අඟහරු ග්‍රහයාගේ පෘෂ්ඨයේ දියරමය ජලය වරින් වර ගලා යන්නට ඇති බවට සැලකෙන සලකුණු හමුවූයේ යැයි අනාවරණය කළත්, මේ ආකාරයෙන් නොනැසී පවතින ජල මූලාශ්‍රයක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රථම අනාවරණය මෙය බවද විදෙස් වාර්තා පවසයි.

නාසා කියුරියෝසිටි රෝවරය පෙන්වා දෙන මෙම නවතම දත්තයන්ට අනුව අතීතයේදී රතු ග්‍රහයාගේ පෘෂ්ඨය මත ජල මූලාශය පැවතී තිබේ.

කෙසේ වෙතත්, එහි වූ තුනී වායුගෝලය හේතුවෙන් රතු ග්‍රහයා සිසිල් වෙමින්, එහි පැවති බොහෝ ජල මූලාශ්‍ර ඝනීභවනය වී ඇත.

ඒ අනුව, මෙම නවතම සොයා ගැනීම විද්‍යාඥයන් වඩාත් උද්දාමයට පත්වූ අවස්ථාවක් බව පවසන විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ පෘථිවියෙන් එහා ජීවයක් සම්බන්ධයෙන් වූ පර්යේෂණ සඳහාද මෙය වඩාත් වැදගත් වූ සොයා ගැනීමක් බවයි.



Recommended Articles