'අනවශ්‍ය හා සංචාරක හේතූන් මත' ගෝලීය සංචාරයන්ට එරෙහිව ජර්මනිය සිය පුරවැසියන්ට උපදෙස් ලබාදී තිබූ නිල අනතුරු ඇඟවීම අගෝස්තු මස 31දා දක්වා දීර්ඝ කර තිබේ.
කෙසේ වෙතත් අනෙකුත් යුරෝපා සංගම් රටවල්, ෂෙන්ගන් සාමාජිකයන් සහ එක්සත් රාජධානිය වෙත සිදුකරන සංචාරයන් අනතුරු ඇඟවීමෙන් නිදහස් බවද ජර්මානු විදේශ කටයුතු කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ජර්මනිය මුලින්ම සිය පුරවැසියන්ට ගෝලීය සංචාරකයන් නවත්වන ලෙස අනතුරු ඇඟවීමේ උපදෙස් ලබාදෙනු ලැබුවේ මාර්තු මස 17දාය. එනම් මාස 6කට ආසන්න කාලයක් සඳහා සිය වැසියන්ට ගෝලීය සංචාර අත්හිටුවන ලෙස ජර්මනිය උපදෙස් දී ඇත.
"අපේ යුරෝපීය අසල්වැසියන් මෙන් නොව, සෙසු ලෝකය වෙතින් තවමත් පොදු, විශ්වාසදායක දත්ත පදනම්, නිර්ණායක සහ සම්බන්ධීකරණ ක්‍රියාවලීන් අප සතුව නැහැ. ගණනය කළ නොහැකි එම අවදානම ගෙන නැවතත් අසීමිත ලෙස ගමන් කිරීමට අපට හැකියාවක් නෑ" යනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශය පවසයි.