අගුලු දැමීමෙන් පසු ප්‍රංශයේ වැඩිම ආසාදිත වාර්තාවීමක්


ප්‍රංශයේ අගුලු දැමීම් අවසන් කර රට සාමාන්‍ය තත්ත්වයට පත්කරමින් සිටින අවස්ථාවේදී එරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ගෙවුණු දිනයේ වාර්තා වී තිබේ.

ප්‍රංශයේ ජාතික සෞඛ්‍ය ඒජන්සියට අනුව ප්‍රංශය විසින් නව කොරෝනා වෛරස රෝගීන් 4,897ක් එම කාලය තුළ වාර්තා කර ඇත.

මේ වනවිට රටේ සමස්ත කොවිඩ්-19 සිද්ධීන් ගණන 280,459ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 30,518කි.



Recommended Articles