අගුලු දැමීමෙන් පමණක්ම කොවිඩ් සටන දිනන්න බෑ


වියට්නාමයට කොරෝනා වෛරසයට එරෙහිව දීර්ඝ කාලීන සටනකට මුහුණ පෑමට සිදුවිය හැකි බවත්, දින නියමයක් නොමැතිව අගුලු දැමීම සහ නිරෝධායන පියවරයන් මත විශ්වාසය තැබිය නොහැකි බවත් එරට අගමැතිවරයා පවසයි.

"අපට සදාකාලික නිරෝධායනය සහ අගුලු දැමීමේ පියවරයන් අනුගමනය කළ නොහැකියි. මොකද මේ තත්ත්වය ජනතාවට සහ ආර්ථිකයට දුෂ්කරතා ඇති කරවනවා" අගමැති ෆාම් මින් චිං පැවසීය.

මිලියන 98ක ජනතාවක් සිටින වියට්නාමය ආක්‍රමණශීලී සම්බන්ධතා සොයා ගැනීම සහ නිරෝධායනය කිරීමේ ක්‍රියා පටිපාටිය ඔස්සේ වසරක කාලයක් වෛරසය පාලනය කර ගැනීමට සමත්වූ ඉදිරියෙන්ම සිටි රාජ්‍යයක් වුවත්, අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය වියට්නාමයට දැඩි ලෙස බලපෑවේය.

අප්‍රේල් අග භාගයේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව දහස් ගණනක සිට දැනට 480,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 12,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. හෝ චි මිං නගරය දරුණුතම බලපෑමට ලක්ව ඇති නගරයයි. අද (02දා) දිනයේදී බලධාරීන් විසින් ආසාදිතයන් 13,197ක් සහ මරණ 271ක් වාර්තා කළහ.



Recommended Articles