කොවිඩ්-19 අගුලු දැමීමේ පියවරයන්ට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් හි රැස්ව සිටි දහස් ගණනක පිරිසක් පළවා හැරීමට පොලීසිය සිය බලය පාවිච්චි කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇම්ස්ටර්ඩෑම් නගරාධිපති ෆෙම්කේ හල්සෙමා හදිසි ආඥාපනතක් නිකුත් කළ අතර, නවතම කොරෝනා ආසාදන රැල්ල අතරතුර විරෝධතාකරුවන් මහජන රැස්වීම් පැවැත්වීමේ තහනම උල්ලංඝනය කිරීමෙන් පසු මධ්‍යම කෞතුකාගාර චතුරශ්‍රයෙන් ජනතාව ඉවත් කිරීමට පොලිසියට බලය ලබා දුන්නේය.
ඒ අනුව පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම්ද හටගෙන ඇති අතර, සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් ආසාදිතයන් තවදුරටත් වර්ධනය වීම නොවැළැක්විය හැකි බවයි.