ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසාදිතයන් වාර්තාගත මට්ටමකට වාර්තා වී ඇති අතර, අගනුවර වන මෙල්බර්න් මාස දෙකකට ආසන්න කාලයක් දැඩි අගුලු දැමීමක් යටතේ පැවතියත්, සීමා කිරීම් අවසන් කිරීමට පෙර ජනතාව එන්නත් කිරීම සඳහා බලධාරීන් දැඩි තරගයක නිරතව සිටියි.
මෙල්බර්න් හි නව ආසාදිතයන් 1,438ක් සවාර්තා වී ඇති අතර, එය පෙර දිනයේ වාර්තා වූ ආසාදිතයන් 950ක අගය ඉක්මවා විශාල ඉහළ යාමකි. එමෙන්ම ප්‍රාන්තය තුළ නව මරණ 5ක්ද වාර්තා වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ විශාලතම නාගරික ප්‍රදේශ වන සිඩ්නි සහ මෙල්බර්න් සහ කැන්බරා අගනුවර වේගවත් ඩෙල්ටා ප්‍රභේදය මගින් ඇති වන රෝගාබාධවල තෙවැනි රැල්ලට එරෙහිව සටන් කිරීම සඳහා සති ගණන් අගුලු දමා ඇත.
කෙසේ වෙතත් මේ වනවිට ලොවපුරා විශේෂඥයින් විසින් කොවිඩ්-ශුන්‍ය ක්‍රියා පටිපාටිය බැහැර කර ඇති අතර, ලොක්ඩවුන් තත්ත්වයෙන් මිදීමට හොඳම අවස්ථාව ප්‍රජා ප්‍රතිශක්තියක් ඇතිකර ගැනීම බව අනාවරණය කර තිබේ.