අග්නිදිග ආසියාවේ මරණ වැළැක්වීමට එන්නත් ඕනෑ


කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් වාර්තා වන ආසාදන හා මරණ පාලනය කිරීමට අග්නිදිග ආසියානු කලාපය දැඩි පරිශ්‍රමයක නිරත වන අවස්ථාවේ එම කලාපයේ රටවලට කොවිඩ්-19 මර්දන එන්නත් ලබාගැනීම සඳහා වැඩි සහායක් අවශ්‍ය බව ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සංගම් පවසයි.

පසුගිය වසරේ වසංගතය පැතිර යාමේදී මෙම කලාපය නරකම තත්ත්වයෙන් ගැලවුන නමුත් මෑත සතිවල ගෝලීය වශයෙන් වැඩිම මරණ වාර්තා වන කලාපය බවට පත්ව තිබේ. එමෙන්ම ඉහළ යන ආසාදන නිසා සෞඛ්‍ය සේවා පද්ධති බිඳෙනසුලු තත්ත්වයට තල්ලු වීමෙන්, එම රටවල මන්දගාමී එන්නත් ලබාදීම හෙළිදරව් කර ඇත.

"ඩෙල්ටා ප්‍රභේදය මගින් මෙහෙයවනු ලබන මේ කොවිඩ්-19 ආසාදන ගිනිකොනදිග ආසියාව පුරා සිටින පවුල්වලට ඛේදවාචකයක් වෙලා. එය අතිශය ඝාතීය ලෙස පැතිර යනවා" ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සංගම්වල ආසියා පැසිෆික් අධ්‍යක්‍ෂ ඇලෙක්සැන්ඩර් මැතිව් ප්‍රකාශ කළේය.

වියට්නාමය, තායිලන්තය සහ ඉන්දුනීසියාව ඇතුළු බොහෝ අග්නිදිග ආසියාතික රටවල වාර්තාගත කොවිඩ්-19 ආසාදන හෝ මරණ වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළේය. ඒ අනුව මැලේසියාව අද (18දා) ආසාදිතයන් 22,242ක් වාර්තා කළ අතර එය දෛනික ආසාදන වාර්තාවකි. එමෙන්ම තායිලන්තය මරණ 312ක් වාර්තා කළ අතර එය අඛණ්ඩව දෙවැනි දිනටත් වාර්තාගත ඉහළ යාමකි.

ඉන්දුනීසියාවේ මරණ 1,128ක් වාර්තා වූ අතර, එය පසුගිය මාසය අවසානයේදී එරට නරකම මට්ටම වූ මරණ 2,000ට වඩා අඩු වූ නමුත් මේ වනවිට ලොව ඕනෑම රටකට සිදු වූ දෛනික වැඩිම මරණ සංඛ්‍යාව එයයි.



Recommended Articles