එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් ධුරයෙන් පහ කිරීම සඳහා පැවති රහස් ඡන්දයේදී ජොන්සන්ගේ විරුද්ධවාදීන්ට ඔහුගේ කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්රීවරුන්ගෙන් බහුතරයක් ලබා ගැනීමට නොහැකි වී තිබේ.
අවසාන ගණනය කිරීම්වලින් පෙන්නුම් කළේ කොන්සර්වේටිව් මන්ත්රීවරුන් 211දෙනෙකු ජොන්සන්ට සහාය දුන් අතර 148 දෙනෙකුට ඔහුව බලෙන් ඉවත් කිරීමට ඡන්දය පාවිච්චි කර ඇති බවය.
මෙම ජයග්රහණය ජොන්සන්ට නායකත්වයේ රැඳී සිටීමට ඉඩ සලසන නමුත්, අභියෝගය ඔහු දේශපාලන වශයෙන් දුර්වල කර ඔහුගේ පක්ෂය දෙකඩ වී ඇති බව පෙන්නුම් කරයි.