අගමැති ෂෙයික් හසීනාගේ ඥාති මුණුපුරෙක් ෂැංග්‍රි-ලාහිදී මරුදකී


බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ ඥාති මුණුපුරෙකු කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය 21දා කොළඹ හෝටල් සහ දේවස්ථාන ඉලක්ක කරමින් එල්ල වූ ඉස්ලාම් ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී ෂැංග්‍රි-ලා හෝටලය වෙතද ප්‍රහාර ද්විත්වයක් එල්ල විය.

මියගිය දරුවා 8 හැවිරිදි සායාන් චවෞද්‍රී ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු අගමැතිනී හසීනාගේ ඥාති මුණුපුරෙකි. මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු සිය පවුලේ අය සමග හෝටලය තුළ උදෑසන ආහාර වේල ගනිමින් සිටි බව කියයි.



Recommended Articles