එක දිගට අඩුම කාලයකින් දීර්ඝ මහා මාර්ගයක් නිමවා ඉන්දියාව ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වූ බව එරට මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි පවසයි.
ජාතික මහාමාර්ග අංක 53 හි තනි මංතීරුවක කිලෝමීටර් 75ක අඛණ්ඩ කොන්ක්‍රීට් ගල් සහ තාර අතුරමින් ඉදිකිරීම සඳහා මෙම වාර්තාව ලබා ඇත.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අමරාවතී සහ අකෝලා දිස්ත්‍රික්ක අතර මහා මාර්ගයේ කොටසක මෙම සැකසීම සිදුකර ඇත.
"අපේ කණ්ඩායම තවත් එක් ලෝක වාර්තාවක් නිර්මාණය කර ඇති නිසා මා අද ඉතා ආඩම්බර වෙනවා. මේ ගිනස් ලෝක වාර්තාව පිහිටුවීම ගැන ඉන්දියාවේ ජාතික මහාමාර්ග අධිකාරිය (NHAI), උපදේශක සහ පූනේහි කොන්ත්‍රාත්කරුගේ සමස්ත කණ්ඩායමට මා සුබ පතනවා" ගඩ්කාරි පැවසීය.
"එන්එච්-53 කොටසේ අමරාවතී සහ අකෝලා අතර තනි මංතීරුවක මාර්ගය ඉදිකරමින්, මේ අසාමාන්‍ය ජයග්‍රහණය ලබා ගැනීම සඳහා දිවා රෑ වෙහෙස මහන්සි වූ අපගේ ඉංජිනේරුවන්ට සහ කම්කරුවන්ට මා විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා."
ගඩ්කාරිට අනුව, කණ්ඩායම ජුනි 3 වැනි දින දේශීය වේලාවෙන් උදේ 7.27ට මාර්ගය ඉදිකිරීම ආරම්භ කළ අතර ජුනි 7 වැනි දින සවස 5.00ට කිලෝමීටර 75ක දුරක් ඉදිකිරීම අවසන් කළේය. ඒ අනුව ඔවුන් පැය 105 විනාඩි 33 ක වාර්තාගත කාලයකින් මෙම ඉදිකිරීම සිදුකර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ස්වාධීන උපදේශකයින් කණ්ඩායමක් ඇතුළුව කම්කරුවන් 720ක් පමණ සම්බන්ධ වී සිටියහ.
මීට පෙර, 2019 පෙබරවාරි 27 වැනි දින කටාර් රාජ්‍යයේ පොදු වැඩ අධිකාරිය විසින් ලබා ගන්නා ලද කිලෝමීටර් 25.275ක මාර්ගයක් සඳහා අඛණ්ඩව ඉදිකිරීම් සිදුකළ ගිනස් ලෝක වාර්තාව විය. මාර්ගය අල් ඛෝර් අධිවේගී මාර්ගයේ කොටසක් වූ අතර, එය සම්පූර්ණ කිරීමට දින 10ක් ගත විය.