ඉන්දියාව විසින් අඛණ්ඩව තෙවැනි දිනටත් වැඩිම දෛනිකව තහවුරු කරන ලද කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කර තිබේ.
ඒ අනුව ගෙවීගිය දිනයේදී ඉන්දියාව කොවිඩ්-19 වෛරසයේ නව ආසාදිතයන් 14,516 ක් සහ මරණ 375ක් රට පුරා වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව අද (21දා) උදෑසන වනවිට ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසයේ සමස්ත ආසාදිත අගය දැක්වුණේ 395,048ක් සහ මරණ 12,948ක් ලෙසිනි.
පසුගිය සතිය තුළ පමණක් ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගයට නව ආසාදිතයන් 86,000 කට වැඩි සංඛ්‍යාවක් එකතු කර ඇත.
ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයට අනුව, රට තුළ නව කොරෝනා පරීක්ෂණ 6,616,496ක් පවත්වා ඇති අතර, පරීක්ෂණ 189,869ක් ජුනි 19 වන දින පමණක් සිදුකර තිබේ.