අක්‍රීය ගිනිකඳු කුහරයට ඇදවැටුණු නව මනාලයා බේරාගත් මනාලිය


මධුසමය සමග කඳු නැගීමේ සංචාරයක් ගිය අලුත විවාහපත් යුවළකගේ සැමියා අක්‍රීය ගිනිකඳු කුහරයක් තුළට ඇද වැටීමෙන් පසුව බිරිඳ විසින් ඔහු බේරාගත් විස්මිත පුවතක් වාර්තා වෙයි.

කැරීබියන් දුපතක් වන ශාන්ත කිට්ස් හි ගිනිකඳු පරිසරයක සිය බිරිඳ වන ඇකයිමී සමග කඳු තරණයේ යෙදුණු ක්ලේ චැස්ටින් මෙම අනතුරට මුහුණදී ඇති අතර, මෙම අනතුරින් ඔහුගේ හිස් කබලට හානි වී ඇත.

කඳු තරණයේ උච්චතම අවස්ථාවට පැමිණෙන විට වමනය, ක්ලාන්තය ආදී රෝගී තත්ත්වයන් පෙන්නුම් කර ඇති මෙම ස්වාමි පුරුෂයා එක්වරම අක්‍රීය ගිනිකඳු කුහරය තුළට ඇද වී ඇත.

එහිදී, කඹයක් ආධාරයෙන් ඒ තුළට බැස ඇති මෙම අලුත විවාහපත් බිරිඳ, තම ස්වාමියා බේරාගැනීමට ධෛර්යය සම්පන්න වීරක්‍රියාවක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, මේ වනවිට මධුසමයට තිත තබා රෝහල් ඇඳක් මත සිටින චැස්ටින් පවසන්නේ තම අලුත් මනාලිය ඇදහිය නොහැකි සුපිරි බිරිඳක් බවයි.

තමන්ට ඇවිද ගැනීමටවත් නොහැකිව තුවාල වී සිටි පරිසරයක මෙම දුෂ්කර කඳුකර මාර්ගයේ තමා වත්තන් කරගෙන රැගෙන ඒමට තරම් ඇය වචනයෙන් විස්තර කළ නොහැකි ධෛර්යයකින් කටයුතු කර ඇති බව පවසන ඔහු, මෙය ආශ්චරයයක් හැර වෙනකක් නොවන බවද සඳහන් කරයි.



Recommended Articles