යුද්ධයක් ඇතිවීමේ අවදානම නැතිකිරීමේ මාර්ග වහා විවෘත කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයා, උතුරු කොරියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාට දන්වා තිබේ.
වසර හයකට පසුව ප්යොන්ග්යැන් වෙත සංචාරය කරන ප්‍රථම එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයා ලෙස ජෙෆ්රි ෆෙල්ට්මන් මෙම අදහස් දැක්වීම සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ක්‍රමානුකූල සාකච්ඡාවක් ඇරඹීමට තමන් සූදානම් බව උතුරු කොරියාව දන්වා තිබේ.
පසුගිය සතියේදී උතුරු කොරියාව සිදුකළ නවතම බැලස්ටික් මිසයිල අත්හදා බැලීමත් සමග එරට න්‍යෂ්ටික හා මිසයිල වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලෝකය පුරා අවධානය වැඩිවිය.
එමෙන්ම, මෙය කඩිනම් යුද්ධයකට අතවැනීමක් ලෙස බොහෝදෙනා පිළිගත් අතර, මේ සමගම ඇමෙරිකාව හා දකුණු කොරියාව එක්ව දැවැන්ත යුද අභ්‍යාසයකද නිරත විය.