MH370 සුන්බුන් පරීක්ෂාවක් ඔස්ට්‍රේලියාවේදී


මීට වසර දෙකකට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානයේ යැයි සැක කෙරෙන, මොසැම්බික් රාජ්‍යයට ගොඩගැසූ සුන්බුන් කැබැලි දෙක වැඩිදුර පරීක්ෂණ සඳහා ඔස්ට්‍රේලියාව වෙත රැගෙන විත් තිබේ.

මෙම කොටස් දෙක අවස්ථා දෙකකදී හමුවී තිබූ අතර, ප්‍රථම වරට කොටසක් හමුව තිබුණේ පසුගිය දෙසැම්බර් මාසයේදී දකුණු අප්‍රිකානු ජාතික සංචාරකයෙකු වෙතය. අනතුරුව පසුගිය අප්‍රේල් මස අවසාන භාගයේදී ඇමෙරිකානු ජාතික පර්යේෂකයෙකුට තවත් කොටසක් හමුව තිබුණි.

2014 මාර්තු මාසයේදී මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං බලා ගමන් කරමින් තිබියදී පුද්ගලයන් 239 දෙනෙකු සමග මෙම යානය අතුරුදන් වූ අතර, මෙම කොටස් දෙක හමුවීමට පෙර ගුවන් යානය සොයා ලෝක ඉතිහාසයේ එදාමෙදා තුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් රීයූනියන් දූපත් ආශ්‍රිතව යානයේ පියාපත් කොටසක් පමණක් හමුවී තිබුණි.



Recommended Articles