MH370 මගීන්ගේ ඥාතීන්ට ගෙදර යන්න කියයි


පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන්ට නැවත සිය නිවෙස් බලා යන ලෙස එම ගුවන් සමාගම විසින් ඔවුන්ට දන්වා ඇති බව වාර්තා වෙයි.

පසුගිය මාර්තු 08 වැනිදා යානය අතුරුදන් වීමෙන් පසු යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් වැඩි පිරිසක් චීනයේ සිට මැලේසියාවට පැමිණියේය.

ඔවුන් එදා සිට මේ දක්වාම එරට හෝටලයක නවාතැන් ගෙන තම ඥාතීන්ට සිදුවූ විපත හා ඒ සම්බන්ධයෙන් නිතිපතා මැලේසියානු බලධාරීන්ගෙන් ලැබෙන තොරතුරුවලට සවන්දෙමින් සිටියේය.

කෙසේ වෙතත් මැලේසියානු බලධාරීන් පෙන්වාදී තිබෙන්නේ ඔවුන් නිවෙස් බලා ගියත්, යානය සෙවීමේ මෙහෙයුම් පිළිබඳ සියලු තොරතුරු ඉදිරියේදීද දැන්වීමට කටයුතු කරන බවයි.

 

 



Recommended Articles