2014 වසරේ මාර්තු 08 වැනිදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අනතුරකට ලක්ව ඇති බවත්, ඉන් කිසිවෙකු ජීවිත බේරාගෙන නොමැති බවත් මැලේසියානු රජය අවධාරණය කරයි.
මෙම යානය සොයා ලෝක ඉතිහාසයේ එදාමෙදා තුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට කිසිදු පාර්ශ්වයකට නොහැකි විය.
කෙසේ වෙතත්, යානය සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් සිදු වුවත්, එහි ගමන්ගත් පුද්ගලයන් 239 දෙනා මේ වනවිට ජීවතුන් අතර සිටිය නොහැකි බව බලධාරීන් විශ්වාස කරයි.
මැලේසියානු රජයේ මෙම ප්‍රකාශයත් සමග යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන්ට වන්දි මුදල් ලබාගැනීමේ අවස්ථාව හිමිවන බව විදෙස් වාර්තා පවසයි.