අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 දරණ ගුවන් යානයේ ගමන් කළ මැලේසියානු පුද්ගලයෙකුගේ දරු දෙදෙනෙකු විසින් එම ගුවන් සමාගමට හා මැලේසියානු රජයට එරෙහිව නඩුවක් ගොඩනුකර ඇති බව වාර්තා වෙයි.
පසුගිය මාර්තු 08 වැනිදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සම්බන්ධයෙන් නඩුවක් ගොනු කෙරුණු ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වූ පසු යානය සමග නැවත සම්බන්ධතාවක් ඇති කරගැනීමට අපොහොසත් වීම හා එය නොසලකා හැරීම සම්බන්ධයෙන් එරට සිවින් ගුවන් සේවා දෙපාර්තමේන්තුවට මෙහිදී චෝදනා ගොනු වී තිබේ.
පුද්ගලයන් 239ක් රැගෙන මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට ගමන් ගත් යානය සෙවීම සඳහා ලෝකයේ රටවල් රැසක මැදිහත් වීමෙන් දැවැන්ත මෙහෙයුමක් සිදුකළත් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට මෙතෙක් අපොහොස් වී තිබේ.