MH370 අතුරුදන්ව සති 3 යි -සෝදිසි මෙහෙයුම් තවදුරටත්


පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු විශ්වසනීය ආරංචි මාර්ගයන් අනුව බටහිර ඔස්ට්‍රේලියාවට තවත් සමීප ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීහු පවසති.

ඔස්ට්‍රේලියානු සමුද්‍රික ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙන්නේ දකුණුදිග ඉන්දියානු සාගරයේ නැවත වරක් යානය සෙවීමේ මෙහෙයුම් ඇරඹී ඇති බවයි.

මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය පසුගිය මාර්තු 08 වැනිදා මැලේසියාවේ ක්වාලලාම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං බලා පියාසර කරමින් සිටියදී අතුරුදන් වී මේ වනවිට සති තුනක් ගෙවී අවසන්ය.

ඒ අනුව, ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට කිලෝ මීටර් 1,850ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ යානය ඇති බවට සැක කෙරෙන අතර, වර්ග කිලෝමීටර් 319,000ක ප්‍රදේශයක් මේ ඔස්සේ සොදිසි කිරීම් සිදුවෙයි.

ඊයේ දිනයේදී පැවති අයහපත් කාලගුණය නිසා සෝදිසි මෙහෙයුම් අඩපණ වුවත්, අද දිනයේදී සෝදිසි මෙහෙයුම් දිගින් දිගටම සිදුවන බව වාර්තා වෙයි.

 



Recommended Articles