MH17 යානයේ සිටි මගීන් ක්ෂණිකව මිය ගිහින්


නැගෙනහිර යුක්රේනයේදී මිසයිල ප්‍රහාරයකට ලක්ව විනාශ වූයේ යැයි පැවසෙන මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන්යානයේ සිට මියගිය 298 දෙනා අතරින් එක් අයෙකු පමණක් ඔක්සිජන් හිස් වැසිමක් පැළඳ සිටියදී හමුවූ බව නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව, මෙම යානය තුළ සිටි පිරිස ක්ෂණිව ජීවිතක්ෂයට පත්ව ඇති බවද, එයට මිසයිල් ප්‍රහාරයක් එල්ල වූයේ යැයි පැවසෙන සැකය වඩාත් තහවුරු වන්නේ යැයද හෙතෙම අවධාරණය කරයි.

මෙම ගුවන් අනතුර සම්බන්ධ මූලික වාර්තාවෙන් පැවසුනේ වේගයෙන් පැමිණ ගැටුණු වස්තුවක් හේතුවෙන් යානය ගුවනේදී කෑලිවලට වැදී විනාශ වූ බවයි.

 

 

 



Recommended Articles