MH 17 වැටුණේ රුසියානු මිසයිල ප්‍රහාරක් නිසාලු -පරීක්ෂණ කමිටුව


2014 වසරේදී මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන් යානය බිම හෙළීමට රුසියාව වගකිව යුතුය යන තීරණයේ තමන් සිටින්නේ යැයි ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ප්‍රමුඛ පරීක්ෂණ කමිටුව පවසයි.

පුද්ගලයන් 298 දෙනෙකු සමග නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මැලේසියාවේ ක්වාලලම්පූර් දක්වා පියාසර කරමින් තිබියදී යුක්රේනයේ කැරලිකරුවන් අතින් පාලනය වූ ප්‍රදේශයට මෙම යානය කඩා වැටුණි.

එහිදී, මිසයිල ප්‍රහාරයක් යානය කඩා වැටීමට හේතුව බව කියවුණු අතර, නෙදර්ලන්තය සැදුම්ලත් අන්තර්ජාතික පරීක්ෂණ කමිටුව පවසා සිටියේ රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් ඊට යොදාගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම යානයේ කඩා වැටීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු අනුදැනුමක් නොමැති බව පවසමින් රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මෙම යානයේ ගමන් කළ අයගෙන් 193 දෙනෙකු නෙදර්ලන්ත ජාතිකයන් වූ අතර, 43 දෙනෙකු මැලේසියානු ජාතිකයන් විය. එමෙන්ම, තවත් 27 දෙනෙකු ඔස්ට්‍රේලියානු ජාතිකයන් විය. සෙස පිරිස ඉන්දුනීසියාව, බ්‍රිතාන්‍ය, බෙල්ජියම, ජර්මනිය සහ පිලිපීනය යන රටවල පිරිස්ය.

කෙසේ වෙතත්, රුසියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සමග මේ වනවිට රුසියාව වෙත බටහිර ඇඟිල්ල දිගුකිරීම් පෙරට වඩා වේගවත් වී ඇති බවටද ස්වාධීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

1_hi047014448 2 3



Recommended Articles