ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් ඉරාකයෙන් හා සිරියාවෙන් අතුගාදැමීම හා ඔවුන් සම්පූර්ණයෙන් විනාශ කිරීමේ ඇමෙරිකාවේ නව මූලෝපාය වෙනුවෙන් කටයුතු කරන එරට ආරක්ෂක අංශ ඇමතීමට ඔබාමා සූදානමින් සිටියි.
එමෙන්ම, මෙම කලාපයන්හි අණදෙන නිලධාරීන්ද ඔබාමා විසින් ඇමතීමට නියමිත අතර, මෙම නව මූලෝපාය තුළ තම හමුදා ගොඩබිම් ප්‍රහාරයකට සූදානම් නොවන බවද පෙන්වා දෙයි.
නමුත්, ඇමෙරිකානු හමුදාව ඇතුළු ජාත්‍යන්තර සන්ධානයේ මෙම නව මූලෝපාය අසාර්ථක වුවහොත්, ඉරාක භූමියේ ඇමෙරිකානු හමුදා ගොඩබසිනු ඇති බව පසුගියදා එරට ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයෙකු පවසා සිටියේය.
කෙසේ වෙතත්, මෙම නව සැලැස්ම යටතේ ඉරාකයේ සුන්නි අන්තවාදීන්ට එරෙහිව සටන් වදින ඉරාක හමුදාවට අවශ්‍ය විශේෂඥ ආරක්ෂක උපදෙස් ලබාදීම සිදුවනු ඇති බව ඇමෙරිකාව අවධාරණය කරයි.