ISIS රසායන අවි විශේෂඥයා ගුවන් ප්‍රහාරයෙන් මියයයි


ISIS ඉස්මීය ත්‍රස්තවාදීන් සමග කටයුතු කළ රසායන අවි විශේෂඥයෙකු ඉරාකයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමෙරිකාව කියයි.

ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් මොහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අබු මලික් නමින් හඳුනාගෙන ඇති මොහු ISISඉස්ලාමීය ත්‍රස්තයන්ට රසායන අවි පුහුණුවක් ලබාදී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

හිටපු ඉරාක ජනාධිපති සදාම් හුසේන් යටතේ රසායන අවි පිළිබඳ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු පසුව අල් කයිඩාවට සම්බන්ධ වී යළි ISIS ඉස්ලාමිය අන්තවාදීන් සමග කටයුතු කරන බව පැවසෙයි.

ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව මේ වනවිට ISIS ඉස්ලාමීය රාජ්‍යය වෙත ගුවන් ප්‍රහාර 2,000ක් එල්ල කර ඇති බව පැවසෙයි.

පසුගිය 24 වැනිදා මොසුල් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකදී අබු මලික් මියගොස් ඇති බව ඇමෙරිකාව කියයි.

 



Recommended Articles