ISIS මහා මනුෂ්‍ය සංහාරයකට සැරසෙනවා - UN


උතුරුදිග ඉරාකයේ, ඇමෙර්ලි නගරයේදී බොහෝ විට සිදුවිය හැකි මහා මනුෂ්‍ය සංහාරය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධනයේ විශේෂ නියෝජිතයෙකු වන නිකොලායි ම්ලැඩේනොව් පවසා සිටියේ එම නගරයේ ජීවත් වන වැසියන්ගේ ජීවිත සම්බන්ධයෙන් දැඩි අනතුරක් පවතින බවයි.

මේ වනවිට එම නගරය ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ මනෝ රාජ්‍ය යටතේ පවතින බවත්, ආහාර, බීමට ජලය හා විදුලිය මෙන්ම සෞඛ්‍ය පහසුකම්ද නොමැතිව ඔවුන් දැඩි පීඩාවකින් පසුවන බව හෙතෙම පවසයි.

එහිදී, මෙහි මහා මනුෂ්‍ය සංහාරයක් සිදුවනු ඇති බව පැවසෙන්නේ එහි වෙසෙන ජනතාවගෙන් බහුතරය තුර්කි ෂියාවරුන්ට අයත්වන නිසාවෙනි.

සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් තම ලබ්දියට පටහැනි පිරිස් සමූලඝාතනය කරමින් ඉස්ලාමීය රාජ්‍ය ගොඩනගන නිසා මේ අනතුරු ඇඟවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකර තිබේ.



Recommended Articles