ඉරාකයේ, මොසුල් නගරයේදී ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්තයන් විසින් විනාශ කළ ඓතිහාසික අල්-නූරි මහ පල්ලිය පිහිටි ප්‍රදේශය යළි අත්පත් කරගැනීමට රජයේ හමුදා සමත්ව තිබේ.
ඉරාක රජයේ හමුදා සමග ඉදිරියට ඇදෙන බී.බී.සී. මාධ්‍යවේදියා පවසන්නේ මෙම මහ පල්ලිය පිහිටි ප්‍රදේශය තවමත් ස්නයිපර් වෙඩික්කරුවන්ට විවෘතව පවතින බැවින් සෝදිසි මෙහෙයුම් සිදුවන බවයි.
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් පසුගිය සතියේදී මෙම දේවස්ථානය පුපුරුවා හැරි අතර, එය ඉස්ලාම් රාජ්‍යයේ අවසානය ඔවුන් විසින් නිල වශයෙන් පිළිගැනීමක් බව ඉරාක අගමැති හයිදර් අල්-අබාදි අර්ථ දැක්වීය.
"අපි කිසි අයුරකින් අපේ ප්‍රහාර අඩු කරන්නේ නැහැ. අපි ජයග්‍රහණය දක්වාම ඇදී යනවා. ඉස්ලාම් රාජ්‍ය IS ත්‍රස්ත සංවිධානයේ අවසන් ජිහාඩ් අන්තවාදියාවද අවසන් කරන තුරු අපේ සටන ගෙන යනවා" යැයි ඉරාක අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
ඉරාක ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයේ අවසන් බලකඳවුර ලෙස සැලකෙන මොසුල් හි බලය ක්‍රමයෙන් ඔවුන්ට අහිමි වෙමින් පවතින අතර, මෙය 2011 වසරේදී එම සංවිධානයේ නායක අල්-බග්දාදි විසින් අල්-නූර් මහ පල්ලියේදී ප්‍රකාශයට පත්කළ ඉස්ලාම් රාජ්‍යයේ බිඳ වැටීමේ ආරම්භය ලෙසද ඉරාක රජය විශ්වාසය පළ කරයි.