ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින බ්‍රිතාන්‍ය ජාතික ටැක්සි රියදුරෙකු වන ඇලන් හෙනින්ගේ බිරිඳ අන්තවාදීන් වෙත ආයාචනය කරමින් තම ස්වාමියා නිදහස් කරන ලෙසත්, ඒ ආයචනය ඔවුන්ගේ හදවත් තුළින් බලන ලෙසත් ඉල්ලීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ සොල්ෆෝඩ් හි වැසියෙකු වන ඇලන් පසුගිය දෙසැම්බර් මාසයේදී සහන සේවකයෙකු ලෙස සිරියාවට ගිය අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට පත්ව තිබුණි.
බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය තුළින් සිය ආයාචනය ඉදිරිපත් කර ඇති බාබරා පවසා ඇත්තේ සිරියාවේදී ගිලන් රථයක් පදවමින් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර සහ ජලය ලබාදීමේ සහන සේවාවලට ඔහු සම්බන්ධව සිටි බවයි.
කෙසේ වෙතත්, තමන් ISIS වෙත ආයාචනයක් යැවුවත්, ඔවුන්ගෙන් තවමත් ප්‍රතිචාරයක් තමන් වෙත නොලැබුණු බවයි.
මීට පෙර බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකුවූ ඩේවිඩ් හෙයින්ස් ගෙල සිඳිමින් ඝාතනය කළ වීඩියෝව සමග ඇලන්ද පොරොත්තු ලේඛනයේ මරණයට කැපවූවෙකු ලෙස සුන්නි අන්තවාදීන් විසින් බ්‍රිතාන්‍යයට තර්ජනය කරන ලදී.