සිරියාවේ ක්‍රියාත්මක IS ඉස්ලාම් රාජ්‍යයට එරෙහි ගුවන් ප්‍රහාර සඳහා වූ අනුමැතිය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව උණුසුම් වී ඇති බව වාර්තා වෙයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසන්නේ බ්‍රිතාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම ප්‍රහාර එල්ල කළ යුතු බවයි.
කෙසේ වෙතත් යුද්ධය හෝ ප්‍රහාරයට මීට විසඳුම නොවන බවටද විරුද්ධ මත ඉදිරිපත් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසන්නේ ත්‍රස්තවාදයට එරෙහි මෙම ප්‍රහාර වෙනුවෙන් සිය ඡන්දය ලබාදීම ගෞරවයක් බව මන්ත්‍රීවරු සැලකිය යුතු බවයි.
පැය 10කට අධික කාලයක් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය අවසානයේදී ඇමෙරිකාව, ප්‍රංශය, රුසියාව මෙන්ම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව ගුවනින් බෝම්බ හෙලන රාජ්‍යයක් බවට බ්‍රිතාන්‍ය පත්වන්නේද නැද්ද යන්න තීරණය වනු ඇත.