IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව සටන් වැද නැවත සිය රට පැමිණි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු පොලීසිය විසින් රඳවාගෙන ප්‍රශ්න කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
23 හැවිරිදි ඇෂ්ලි ඩයිබෝල් ඉස්ලාම් ත්‍රස්තයන්ට එරෙහිව සටන් වදින කුර්දි වයි.පී.ජී. සටන් කණ්ඩායම සමග සම්බන්ධව සිට ජර්මනියට පැමිණි අවස්ථාවක ජර්මනිය විසින් යළි ඔස්ට්‍රේලියාව වෙත පිටුවහල් කර තිබුණි.
ඔහුගේ පවුලේ ඥාතීන් පවසන්නේ ඔස්ට්‍රේලියානු රජය සිය පුත්‍රයාට පොදු සමාවක් ලබාදිය යුතු බවයි.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු නීතියට අනුව මැදපෙරදිග සටන් කණ්ඩායමකට සහාය දැක්වීම අපරාධයක් ගණයෙහිලා සැලකෙයි.