IS වෙතින් රමාදි යළි අත්පත් කරගැනීමේ දරුණු සටන්


IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ග්‍රහණයේ පැවති ඉරාකයේ රමාදි නගරයේ අතිශය වැදගත් කොටසක බලය යළි අත්පත් කරගැනීමට ඉරාක හමුදා සමත් වී තිබේ.

ඉරාකයේ ප්‍රති-ත්‍රස්ත හමුදාව පවසන්නේ රමාදි හි නිරතදිග ප්‍රදේශයේ වූ ටාමියන් දිස්ත්‍රික්කයේ බලය දරුණු සටනකින් පසුව යළි අත්පත් කරගත් බවයි.

රමාදි මෙහෙයුම සඳහා මාස කිහිපයක සිට ඉරාක හමුදා සූදානම් වූ අතර, නගරයෙන් ඉවත්වන ලෙස සාමාන්‍ය ජනතාවට ගුවන් මගින් පත්‍රිකා බෙදමින් දැනුම්දීමටද ඉරාක ආරක්ෂක අංශ ක්‍රියා කළේය.

ඉරාක හමුදාවට දරුණු පසුබෑමක් අත්කර දෙමින් පසුගිය මැයි මාසයේදී ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් විසින් රමාදි නගරයේ බලය සියතට ගත්තේය.



Recommended Articles