IS පැහැරගත් ඉන්දීය ඉදිකිරීම් ශිල්පීන් 39දෙනා මරා දමලා


ඉරාකයේදී IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් පැහැරගෙන යනු ලැබ සිටි ඉන්දීය ඉදිකිරීම් ශිල්පීන් 39 දෙනා මියගොස් ඇති බව ඉන්දීයාව තහවුරු කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් පවසා සිටියේ සමූහ මිනී වලක තිබී හමුවූ මළ සිරුරුවල ඩී.එන්.ඒ. සමග මෙම අතුරුදන් වූ ඉන්දියානුවන්ගේ ඩී.එන්.ඒ. සමානතාවක් පෙන්වා ඇති බවයි.

2014 වසරේදී ඉරාකයේ මොසුල් නගරයේදී මෙම ඉන්දීය ජාතිකයන් පිරිස පැහැර ගැනීමට ලක්වීමෙන් අනතුරුව, ඉන්දීය රජය විසින් ඔවුන් ජීවතන් අතර සිටින බව මුල සිටම විශ්වාස කරන්නට විය.

එමෙන්ම, ඔවුන් නිදහස් කරගැනීම සඳහාද අඛණ්ඩ උත්සාහයක යෙදුණු ඉන්දීය රජය, පසුගිය වසරේදී ඉරාකය විසින් මොසුල් යළි අත්පත් කරගැනීමෙන් පසු ඔවුන් සෙවීමට වෙහෙසී ඇත.

ඉන්දීය විදේශ අමාත්‍ය ස්වරාජ් පවසා සිටියේ මෙම සේවකයන් 39දෙනාගේ සිරුරු බොහෝ දුරට හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම, ඩී.එන්.ඒ. පරීක්ෂණවලදී ඔවුන්ගේ ඩී.එන්.ඒ. 70%ක් සැසඳෙන බවද ඇය කිය සිටියාය.

කෙසේ වෙතත්, පසුගිය වසරේදී ඇය ඉන්දීය පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ මෙම පිරිස මියගිය බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් ඔවුන්ට හමුවී නොතිබුණු බවය.

1_India



Recommended Articles