IS ප්‍රහාරයක් එල්ල වූ රූපවාහිනියේ විකාශ කටයුතු යළි ඇරඹේ


ඇෆ්ගනිස්තානයේ ශාම්ෂාද් රූපවාහිනිය වෙත IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව එහි විකාශ කටයුතු යළි ස්ථාපිත කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් රූපවාහිනියේ සේවය කළ එක් සේවකයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 20 දෙනෙකු පමණ තුවාල ලැබීය.

පොලිස් නිලධාරීන් ලෙස වෙස් වළාගත් තුවක්කුකරුවන් පිරිසක් මෙම රූපවාහිනිය වෙත ඇතුළු වී ප්‍රහාරය දියත් කර ඇති බව පසුව අනාවරණය විය.

පසුව IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණි.

කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසුව ඇෆ්ගන් ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුමකින් පසුව එහි සිරවී සිටි පිරිස් බේරාගැනීමට හැකි වූ බව විදෙස් වාර්තා පවසයි. 

1_Afgan



Recommended Articles