IS ත්‍රස්තයන් ගැන ට්‍රම්ප් රුසියාවට ඔත්තු දුන්නාද?


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්තයන් පිළිබඳ ඉතා රහස්‍ය තොරතුරු රුසියානු විදේශ අමාත්‍යවරයාට හෙළි කර ඇති පුවතකින් අන්තවාදීන්ට උඩගෙඩි දෙන පිරිස් කලබල වී තිබේ.

ඇමෙරිකාව සමග රහස් තොරතරු බෙදාගන්නා වෙනත් පාර්ශ්වයක් ලබාදෙන තොරතුරු තවත් කිසිදු පාර්ශ්වයකට ලබාදීමට හෝ හුවමාරු කරගැනීමට ඇමෙරිකාවට අවසර නොතිබෙන බව ද වොෂිංටන් පොස්ට් පුවත්පත උපුටා දකිවමින් බොහෝ ට්‍රම්ප් විරෝධී මාධ්‍ය පවසයි.

එම පුවත්පත පෙන්වා ඇත්තේ ගුවන් යානා තුළ ලැප්ටොප් භාවිත කිරීම හා සම්බන්ධ රහස් තොරතුරු එසේ රුසියාව වෙත ලබාදී ඇති බවය. ඇමෙරිකානු ජනපති හා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් ඕවල් කාමරයේදී ප්‍රථම වරට මුහුණට මුහුණ හමුවීමේ සිදුවීමෙන් පසුව මෙම පුවත් ට්‍රම්ප් විරෝධී මාධ්‍ය මාෆියාවේ පැතිරෙන්නට විය.

එමෙන්ම, ඉස්ලාම් අන්තවාදයට පන්දම් අල්ලන බොහෝ මාධ්‍යයටද මෙම පුවත වහකදුරු මෙන් වී ඇති අතර, ලෝකයට තර්ජනයක් වී ඇති අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව රුසියාව ගෙනයන මෙහෙයුම් මෙන්ම, ඇමෙරිකාවද එම මෙහෙයුම්වල කොටස්කරුවෙකු වීම වැළැක්වීමද ඔවුන්ගේ මෙවැනි අසත්‍ය පුවත් වාර්තාවල පසුබම බව ස්වාධීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ අතර, ට්‍රම්ප් හා ලැව්රෝව් හමුව සිදුවන අවස්ථාවේදී එහි සිටි ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක මැක් මාස්ටර්ද මෙම මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ එය හුදු අසත්‍ය පැතිරීමක් පමණක් බවයි.



Recommended Articles