IS ඉස්ලාම් රාජ්‍යය ඇතුළු ත්‍රස්තවාදීන්ට එරෙහි සටනට සහාය ලබාගැනීම සඳහා ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමාගේ ප්‍රධානත්වයෙන් ලෝක නායකයන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව රැස්වී ඇත.
කෙසේ වෙතත්, බරැක් ඔබාමා මීට පෙර පවසා තිබුණේ බෂර් අල් අසාද් ධුරයෙන් ඉවත් වුවහොත් ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් පරාජය කළ හැකි බවය.
මේ අතර, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අරමුදල් ගලායෑම වැළැක්වීම සඳහා නව සම්බාධක පැනවීමක් සිදුකරන බවද ඇමෙරිකාව පවසා සිටියි.
මෙම මාසයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතීත්වය උසුලන රුසියාවද හෙට දිනයේදී අන්තවාදීන්ට එරෙහි සටනට සහාය ලබාගැනීම සඳහා වෙනම රැස්වීමක් පැවැත්වීමට සූදානමින් සිටියි.
කෙසේ වෙතත්, ඔබාමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ රැස්වීම සම්බන්ධයෙන් රුසියාව චෝදනාත්මක ස්වරයෙන් කතා කරන අතර, එය අනෙකාට ගෞරවයක් නොදක්වන රැස්වීමක් බව රුසියාව කියයි.