හොලිවුඩයේ සුපිරි තාරකාවක් වන ඇන්ජලීනා ජොලී IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය සම්බන්ධයෙන් විශේෂ කතාවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමක් හමුවේ පවසා තිබේ.
ලිංගික ප්‍රචණ්ඩත්වය බරපතල අවියක් ලෙස යොදාගන්නා ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් මේ වනවිට ලෝකයේ සිටින දරුණුතම ත්‍රස්ත සංවිධානය ලෙසද ඇය විසින් හඳුන්වාදී තිබේ.
ඉරාකය හා සිරියාව කේන්ද්‍ර කරගනිමින් ඔවුන් ගොඩනගන මන:කල්පිත ඉස්ලාම් රාජ්‍යයට එරෙහිව අතිශය ශක්තිමත් ප්‍රතිචාරයක් දැක්විය යුතු බව එහිදී ඇය අවධාරණය කර තිබේ.
මෙම අවස්ථාවට බ්‍රිතානයේ හිටපු විදේශ ලේකම් විලියම් හේග්ද සහභාගි වී ඇති අතර, ඇන්ජලීනා මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපතිවරියක්ද වෙයි.