Heartbleed Bug අන්තර්ජාල වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඇතැම් ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් තම සේවාදායකයන්ට සිය අන්තර්ජාල මුරපද වෙනස් කරගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බව පැවසෙයි.
යාහූ වෙබ් අඩවිය හා සම්බන්ධ බ්ලොග් අඩවිය වන Tumblr තම සේවාදායකයන්ට තම මුරපද වෙනස් කරගන්නා ලෙස උපදෙස් ලබාදී තිබේ.
එය තාක්ෂණික ආරක්ෂණයන්ගේ දැඩි අවශ්‍යතාවක් පවතින ඊමේල්, දත්ත ගබඩා හා බැංකු කටයුතු යන අංශවල මුරපද සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවද එම වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.