G8 කණ්ඩායමේ සෙසු රටවල් 7න් රුසියාවට බලපෑම්


යුක්රේනය ආක්‍රමණය කිරීමේ රුසියානු හමුදා යෙදවීම සම්බන්ධයෙන් දැඩි විරෝධතාවක් පළ කරන G8 කණ්ඩායමේ සෙසු සාමාජික රටවල් හත, එළැඹෙන ජූනි මාසයේදී රුසියාවේ සෝචි නුවරදී පැවැත්වීමට නියමිත ජී8 සමුළුව වර්ජනය කිරීමට සැරසෙන බව පැවසෙයි.

මේ සම්බන්ධයෙන් ලොව ප්‍රබල රාජ්‍යයන් හා සංවිධාන දැඩි අවධානයක් යොමුකර ඇති අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරු බ්‍රසල්ස් නුවරදී හමුවීමට නියමිත බවද පැවසෙයි.

සිය පාර්ලිමේන්තු අවසරයද ලබාගනිමින් රුසියාව මේ වනවිට එරට හමුදාව යුක්රේනයේ ක්‍රිමියා කලාපය වෙත තවදුරටත් එවමින්, දැඩි හමුදාමය ක්‍රියාදාමයක් වෙනුවෙන් සැරසෙන වටපිටාවක ලෝක බලවතුන් රුසියාවට එරෙහිව බලමුළු ගැන්වීමක් ප්‍රකට වන්නේ යැයි විදෙස් මාධ්‍ය පවසයි.

 

 



Recommended Articles