අනාගතයේදී ගෝලීය උෂ්ණත්වය පාලනය වෙනුවෙන් වූ ගෝලීය උත්සාහයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස පැරිස් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව (COP21) හැඳින්විය හැකි බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසයි.
රටවල් 195ක් සමග සාකච්ඡා කරමින් ගෝලීය කාබන් විමෝචන අවම කිරීම හා ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් අඩු කිරීම මෙවර සමුළුවේ ඉලක්කය වී තිබේ.
COP21 සමුළුව ඇමතීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 147ක රාජ්‍ය නායකයන් පැරිස් නුවරට පැමිණ සිටියහ.
එහිදී, මෙවර සමුළුවේදී අතිශය තීරණාත්මක හා වැදගත් තීරණ ගතයුතු බවත්, ඊළඟ පරපුර මේ දෙස බලා සිටින බවත් මෙහිදී ඔබාමා අවධාරණය කර තිබේ.