Zaporizhzhia බලාගාරයට UN ප්‍රධානියා මැදිහත් වෙයි


යුක්රේන අර්බුදය සම්බන්ධ තවත් උණුසුම් මාතෘකාවක් වන Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ව්‍යසනය වළක්වා ගැනීම සඳහා වැදගත් පියවර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසයි.

"ප්‍රදේශයට අදාළව කිසිදු හමුදා ක්‍රියාන්විතයකට ඉඩ නොදෙන එකඟතාවකට පැමිණීම අත්‍යවශ්‍ය බව මා විශ්වාස කරනවා. ඒ සමගම එහි සිවිල් ස්වභාවයට ආපසු යාමට ඉඩ සැලසෙනවා" එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසීය.

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට ෂෙල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මොස්කව් සහ කියෙව් එකිනෙකාට චෝදනා කර ගත් අතර, එය මාර්තු මාසයේදී රුසියාව විසින් අල්ලා ගන්නා ලද නමුත් තවමත් යුක්රේන කාර්මික ශිල්පීන් විසින් එය පවත්වාගෙන යනු ලැබේ. මෙම බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක හයෙන් දෙකක් පමණක් ක්‍රියාත්මක වේ.



Recommended Articles