WHO නිර්දේශ යළි සලකා බලන බව ඉතාලිය කියයි


COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් හුදකලාව රැඳී සිටීමෙන් (නිරෝධායනය වීමෙන්) පසුව රෝග ලක්ෂණ නොමැති නම් වෛරසය සඳහා සෘණාත්මක පරීක්ෂණයක් නොමැතිව පිටව යා හැකි බවට වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය ඇගයීමට ලක්කරන ලෙස ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ උපදේශකයන්ගෙන් ඉල්ලා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ කියා සිටියේ රෝග ලක්ෂණ සහිතව අඛණ්ඩව දින 10ක් හුදකලාව ගතකළ රෝගීන් අවම වශයෙන් දින තුනක්වත් රෝග ලක්ෂණ රහිත නම් නිදහස් කළ හැකි බවයි. මීට පෙර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආසාදිත පුද්ගලයන් හුදකලා කිරීම අවසන් කිරීම නිර්දේශ කරනු ලැබුවේ පැය 24ක පරතරයකින් ගත් සාම්පලවල දෙවරක් සෘණාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසුව පමණි.

එහිදී නව කොරෝනා වෛරසය ආසාදිතව සිටියත් තවත් අයට වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ අවදානම අවදානම ඇති සහ අවදානම නැති පිරිස් අතර වෙනස හඳුනා ගැනීම සඳහා ලොව බොහෝ රටවල් තවමත් දැඩි පරිශ්‍රමයක යෙදී සිටින වාතාවරණයක ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම නිර්දේශය සම්බන්ධයෙන් මෙසේ යළි ඇගයීමක් ලබාදෙන ලෙස ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍යාංශය සිය විශේෂඥයන්ට දන්වා තිබේ.

ඉතාලියේ ඉරිදා නව කොරෝනා වෛරස් ආසාදිතයන් 224ක් සහ මරණ 24ක් වාර්තා කර ඇති අතර, වසංගතයෙන් රටේ සමස්ත ආසාදිතයන් 238,499ක් වාර්තා වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 34,634කි.



Recommended Articles